කායගතාසතිය හෙවත් පිළිකුල් භාවනාව.
එයට "ද්වත්තිංසාකාර භාවනාව" යි ද , "පිළිකුල් භාවනාව" යැයිද කියනු ලැබේ.
බුදු සසුනේ බොහෝ දෙනෙකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙනි.
බුදු සසුනේ පැවිදි වන කුල පුත්‍රයන්ට පළමුවෙන් ම දෙන කමටහනත් මෙයමය.
කෙස් - ලොම් - නිය - දත් - සම - මස් - නහර - ඇට - ඇට මිදුලු - වකුගඩුව - හෘදය - අක්මාව - දළඹුව - බඩදිව (ඇල දිව ) - පෙණහැල්ල - අතුණු - අතුණු බහන් - නො පැසුණු අහර - පැසුණු අහර (අසුචි ) -මොලය
පිත - සෙම - සැරව - ලේ - ඩහදිය - මේද තෙල - කඳුලු - වුරුණුතෙල - කෙළ - සොටු - සඳමිදුලු - මුත්‍රා .
මේ කොටස් දෙතිස භාවනා කරන තැනැත්තා විසින් මේ කොටස් දෙතිස හොඳින් තෙරුම් ගත යුතු අතර , සෑම කොටසකම පැහැය, සෑම කොටසකම සටහන , පිහිටි ස්ථානය , පිහිටි දිශාව , යන සෑම දෙයක්ම හොදින් වටහා ගෙන තිබිම අනිවාරය ය.
මෙම කොටස් දෙතිස වර්ග සයකට කට බෙදා ගෙන අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය.
අනුලොම වශයෙන් ===>
කෙස් - ලොම් - නිය - දත් - සම - මස් - නහර - ඇට - ඇට මිදුලු - වකුගඩුව - හෘදය - අක්මාව - දළඹුව - බඩදිව (ඇල දිව ) - පෙණහැල්ල - අතුණු - අතුණු බහන් - නො පැසුණු අහර - පැසුණු අහර (අසුචි ) -මොලය පිත - සෙම - සැරව - ලේ - ඩහදිය - මේද තෙල - කඳුලු - වුරුණුතෙල - කෙළ - සොටු - සඳමිදුලු - මුත්‍රා .
ප්‍රතිලොම වශයෙන් ===>
මුත්‍රා - සඳමිදුලු - සොටු - කෙළ - වුරුණුතෙල - කඳුලු - මේද තෙල - ඩහදිය - ලේ - සැරව - සෙම - පිත -මොලය - පැසුණු අහර (අසුචි ) - නො පැසුණු අහර - අතුණු බහන් - පෙණහැල්ල - බඩදිව (ඇල දිව ) - දළඹුව - අක්මාව - වකුගඩුව - ඇට මිදුලු - ඇට - නහර - මස් - සම - දත් - නිය - ලොම් - කෙස්
මෙම කොටස් දෙතිස අනුලොම ප්‍රතිලොම වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය.
මේ භාවනාව හොඳින්ම කළ හොත්
මේ භාවනාවෙන් ප්‍රථමධ්‍යානය ලෙබිය හැකිය. විදර්ශනාවට හරවා ගැනීමෙන් ලෝකෝත්තර මඟපල ද ලැබිය හැකිය.
