තමාට දුක් ඇතිවීම නො ඉවසන්නාක් මෙන් අනුන්ට දුක් ඇතිවී මත් නො ඉවසන ස්වභාවය , දුඃඛිතයන් දුකින් මුදවනු කැමති ස්වභාවය , අනුන්ගේ දුක් ගෙන කම්පාවන ස්වභාවය කරැණාව ය .කරුණා ගත සිතක් නැවත නැවත පැවැත් වීම කරැණා භාවනාවය.
යෝගවචරයා විසින් පළමුවෙන්ම අත්පා කැඩීම නිසා , සුව නොවන රෝගයක් නිසා හෝ කිසි කලෙක රැකියාවක් කරගත නො හෙන , අනුන්ගෙන් යමක් ඉල්ලා ජිවත්වන පරම දුඃතයකු සොයා ඔහුගේ දුක නුවණින් සලකා
"මහා දුකට පැමින සිටින මේ අසරනයා දුකින් මිදෙත්වා !
යි ඔහු කෙරෙහි කරුණාව පෙවැත්විය යුතුය.
පසුව දුකට පත් තම ප්‍රිය පුද්ගලයන් කෙරෙහිද මධ්‍යස්ථ භාවයෙන් කරුණාව පැවැත්විය යුතු අතර තම සතුරන් කෙරෙහි ද කරුණාව පැවැත්විය යුතුය.
තමා ගැනත් තමාගේ හිතවතුන් ගැනත් මධ්‍යස්තයන් ගෙනත් සම කරුණාව ඇති කර ගෙන භාවනාවෙහි යෙදෙන්නවුවන්ට දුඃඛිත සත්වයන් අරමුණු කොට කරුණා ධ්‍යානය උපදී .
No comments:
Post a Comment