Wednesday, August 13, 2014

වල් බළලා

      

වල් බළලා

විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: Felis
විශේෂය: F. chaus

ද්විපද නාමය
Felis chaus
      
                              මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ(Felis chause)හි ඵක් උප විශේෂයකි.හදුන් දිවියාට වඩා කුඩාය.මොහු ලංකාවේ පහත රට,වියළි හා ශුෂ්ක කලාප වල ව්‍යාප්ත වී සිටින්නෙකි.මෙම කලාප වල ඇළ දොළ ආසන්නයේ,විවෘත බිම් හා වගා බම් ආශ්‍රිතව මොවුන් ගැවසෙයි.රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්‍රිතවද දැකිය හැකියි.දඹුල්ල,සිගිරිය,තිස්සමහාරාමය,සුරියවැව ප්‍රදේශ වල මොවුන්ව නිතර දැකිය හැකිය.මේ සත්ත්වයා වැඩිපුර ක්‍රියාකාරි වන්නේ රාත්‍රි කාලයේදිය.මොවුන් දිවා කාලයේදි තුරු මුදුන් මත ලැග සිටී.
වල් බළලා තමාට වැඩි බලයෙන් අඩු ඕනිම සතෙක්ව ආහාරයට ගනී.එනම් කුරැල්ලන්,මීයන්,හාවුන් හා කුඩා ක්ෂිරපායි සතුන්.සාමාන්‍යයෙන් ගෘහස්ථ බළලෙකුට හැඩයෙන් සමානයි.ගෘහස්ථ බළලෙකුට වඩා කොට වලිගයක් හා දිගු කකුල් ඇත.පිරිමි සතුන් හා ගැහැණු සතුන් හැඩරුවෙන් වෙනස්ය.ගැහැණු සතුන් කුඩාය.පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක් පමණ බරය.උතුරු ප්‍රදේශ වල ජිවත් වන වල් බළලුන් අලු දුඹුරු පැහැතිය.දකුණු ප්‍රදේශ වල ජිවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැතියි.මුහුණේ හා කකුල් වල ලා දුඹුරැ පැහැති ඉරි තිබේ.කන උඩ තද දුඹුරු හා කලු පැහැති ලොම් ඇත.මොවුන්ගේ දඩයම් කරන චර්යා අනිත් බළලුන්ට සමානයි.කුරුමානම අල්ලා දඩයම මතට පනී.කුඩා මුව පැටවුන් වුවද මරා දමයි.දහවල් කාලයේදි ක්‍රියාශීලිය.අන්තරායකදි සැග වීමට හා විවේක ගැනීමට ගුහාවට යයි.ප්‍රජනනය සිදු කරන කාලය පලාත අනුව වෙනස් වේ.ගර්භනී කාලය සති 8ක් පමණ වේ.එකවර පැටවුන්3-4ක් පමණ බිහි කරයි.